නාරහේන්පිට -නාවල පාර මෙම සති අන්තයේ වසා දැමෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරහේන්පිට සිට නාවල දෙසට ඇති දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස 09 වනදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 කාලයට තුළ අර්ධ වශයෙන් ද එදින පස්වරු 8.00 සිට 10 වනදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් ද වසා තැබෙන තැබෙනු ඇත.

එම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.