පසුගිය 01 වනදා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
එහි දී ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා විසින් සුබපැතුම් පිරිනැමා තිබෙනවා.
එසේම, මෙම කටයුතු ඉදිරියට සිදු කිරීම සඳහා ඉදිරි වසර 5 සඳහා වන නව සහයෝගීතා වැඩසටහන හරහා ඩොලර් මිලියන 300ක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ද ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස නිරතුරුව ලබාදෙන සහයෝගය පිළිබදව ද මෙහි දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

