2023 ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ නේපාල කණ්ඩායම එරෙහිව පැවැති පළමු තරගය ලකුණු 238ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස්කරගැනීමට සමත්විය.
එහි දී විශිෂ්ට පිති හරඹයක නියැලුණු නායක බාබර් අසාම් පන්දු 131ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 14ක් සමඟ ලකුණු 151ක් රැස්කළේය.
එසේම ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 109ක් රැස් කළ අතර, මොහොමඩ් රිස්වාන් ලකුණු 44ක් රැස් කළේය.
ලකුණු 343ක ජයක්ග්රාහී ඉලක්කයක් හඹායෑමය පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 104ක් පමණි.

