හෙට දිනයේ ත් රාජ්‍ය බැංකු විවෘතයි

හෙට දිනය පොහොය නිවාඩු දිනයක් වුවත් හෙට දිනයේ ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘත කර තබන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.

ඒ ඊයේ දිනයේ තැන්පත් කරන ලද අස්වැසුම ගෙවීම් අදාළ ප්‍රතිලාභීන්ට ලබා ගැනීම වෙනුවෙනි.