සුප්‍රකට රැප් ගායකයාට වසර 10ක සිරදඬුවමක්

කැනේඩියානු ප්‍රකට රැප් ගායක ටෝරි ලැනෙස් ට වසර 10 සිර දඬුවම් නියම කර තිබේ.

ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ගායිකාවක වන මේගන් තී ස්ටැලියන්ට වෙඩිතැබීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනි.‍

2020 ජූලි 11 වනදා පැවති සාදයකදී  ටෝරි ලැනෙස් විසින් මේගන් තී ස්ටැලියන්ගේ පාදයට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වෘත්තීය ගැන දෙදෙනා අතර සිදුවූ වචන හුවමාරුවකින් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබානොදී සිටීම සඳහා ලැනෙස් විසින් තමාට ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට උත්සාහ දැරෑ බව මේගන් නඩු විභාගය අතරතුරදී ප්‍රකාශ කර තිබුණාය.

කෙසේ වෙතත් දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ලැනෙස්ගේ නීතිඥයින් ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.