ගම්මන්පිලගේ 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවට

හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කරන ලද පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාට යොමුකර තිබෙනවා.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සංශෝධනයට අදාළ සිංහල පිටපත, දෙමළ පිටපත, ඉංග්‍රීසි අනුවාදය හා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව යන ලේඛන 04 වැඩබලන මහලේකම්වරයාට ඉදිරිපත් කර තිබෙනවා.