අස්වැසුම නොලබන පවුල් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයකට තවදුරටත් සමෘද්ධිය

දැනට සමෘද්ධි සහනාධාරය ලබන එහෙත් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලත් පවුල් තුන්ලක්ෂ අනූහතර දහසකට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් දොළොස් ලක්ෂ අසූ දහසක ප්‍රමාණයක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර තිබෙන අතර ඉන් සුදුසකම් ලබා ඇති පවුල් සංඛ්‍යාවඅට ලක්ෂ අසූහත් දහස් හයසිය පනස් තුනකි.

අස්වැසුම සුබසාධනය සඳහා යොමු කරන ලද අභියාචනා සහ විරෝධතා සලකා බැලීම අවසන් වන තුරුයි ලේම සමෘද්ධි දීමනාව ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇත්තේ