අනුරාධපුර යන බැතිමතුන්ට විශේෂ දුම්රියක්

අනුරාධපුර පිච්ච මල් පූජාව සඳහා ගමන් ගන්නා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අද සහ හෙට යන දෙදින විශේෂ දුම්රිය හයක් මේ සඳහා යෙදවීමට නියමිත බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.