මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය

මත්පැන් වර්ග වල සැර මත බදු පැනවීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට ද බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ,