පොළොන්නරුවේ බස් රථයක් ගඟට පෙරළී 10 දෙනෙකු මරුට

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද රාත්‍රියේ පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී තිබේ.

අනතුරට ලක් වූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බව අප වාර්තාකරු පැවසීය.

මේ වන විට 10 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

එම බස් රථය කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් කරමින් තිබුණි.