ග්‍රාම නිලධාරීන් වෙත විශේෂ ගැසට් නිවේදනයක්

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2023 අංක 1 දරන සාමදාන විනිශ්චයකාර නියෝගය යනුවෙන් හඳුන්වන මෙය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා.