පෘථිවියට බලපෑම් කළ හැකි සුර්යය කුණාටුවක් පෘථිවිය දෙසට ගමන් කරමින් ඇති බව නාසා ආයතනය නිවේදනය කරනවා.
අද රාත්‍රියේ හෝ හෙට උදෑසන කුණාටුව පෘථිවිය වෙත ලඟා වනු ඇති අතර උතුරු අක්ෂාංශ ආශ්‍රිතව අහසේ අලංකාර ආලෝක ධාරා හෙවත් අවුරෝරා ඇති විය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.
දැනට පුරෝකථනය කර ඇති ආකාරයට කුණාටුව සාපේක්ෂව ප්‍රබලත්වයෙන් අඩු වන නමුත් භූ චුම්භක කුණාටු සම්බන්ධෙයන් අනාවැකි ප්‍රකාශ කිරීම තරමක් අසීරු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

