ක්‍රිකට් කවුන්සිලයෙන් වනිඳු ට දඩයක්

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06දෙනා තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර වනිඳු දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමේ දී තම පිත්තෙන් හතරේ සීමාවට පහරදීම හේතුවෙනි.

එය චර්යා ධර්ම පද්ධතියේ පළවන මට්ටමේ කඩකිරීමක් බවට හඳුනා ගෙන ඇති අතර ඔහුට තරග ගාස්තුවෙන් 50% ක දඩයක් සහ දෝෂ ලකුණක් ලබාදී ඇති බව සඳහන් වෙන්වා.

වනිඳු හසරංග වසරක් තුළ සිදුකළ මෙවැනි ආකාරයේ දෙවැනි වරද මෙය වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ.