විදුලි සේවකයන් යෝජනා 3ක් සම්මත කර ගනී

ඊයේ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පවතී ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මඟින් යෝජනා 03 ක් සම්මත කර ගෙන තිබෙනවා.

පෞද්ගලිකරණයේ හෝ විකුණා දැමීමට අවකාශ සලසමින් මේ වන විට ඉදිරිපත් කර ඇති පනත ඉවත් කර ගත යුතු බව එහි පළමුවැන්න වනවා. කෙසේවෙතත් සියලු දෙනාගේ අදහස් ලබා ගෙන සිදු කරන ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියකට සහය දෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එසේම වසර 04 කට වැඩි කාලයක් සේවය කරන සේවකයින් ස්ථිර කල යුතු අතර අර්ථසාධක මෙන්ම සේවකයින්ට හිමි විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව ලබා දිය යුතු යි යන්න දෙවැන්න වෙන්වා.

විකාශන අධිකාරී පනත දැඩිව හෙළාදකින බවයි එහි තුන්වන යෝජනාව ලෙස සම්මත කර ගෙන ඇත්තේ.