ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ කැබිනට් අවසරයක් හිමිව ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරනවා.
ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු මේ වනවිට සුදානම් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ජපන් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් 5000කින් යුත් ජපන් භාෂා පුහුණුලාභීන්ගෙන් සමන්විත සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කර ඇතැයි ද අමාත්‍යවරයා පවසනවා.

