ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ බුලවායෝ හි දී පැවැත්වෙනවා.
එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිත ය.
ශ්‍රී ලංකාව B කාණ්ඩය යටතේ තරඟ කරන අතර. අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්කොට්ලන්තය සහ ඕමානය යන රටවල් එම කාණ්ඩයට අයත් සෙසු රටවල් වෙනවා.
මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියන් ඊයේ ආරම්භ කෙරුනා.

