ඩොලරය යළිත් පහළට

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගැනුම් මිල රුපියල් 297.53ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 315.12ක් ලෙස ද සටහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය සිකුරාදා දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.51ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 319.66ක් ලෙස සටහන් වී තිබුණා.