උසස් පෙළ පිළිතරු පත්‍ර පරික්ෂාවේ තවත් අදියරයක් හෙට සිට

2022(2023) අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39ක දී, ඇගයීම් මණ්ඩල 519ක දී එම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුකරන බව යි ඔවුන් සඳහන් කරනේ.

ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් කේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදුකිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව යි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.