සෞඛ්‍ය සේවකයන් ප්‍රමාණයේ විශාල වෙනසක්

නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවය සඳහා බඳවාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරනවා.

හෙද සේවාව සඳහා ද ඉදිරි මාසයේදී 2,200ක පමණ පිරිසක් බඳවා ගැනීමට නියමිත බව යි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම අනිද්දා දිනයේ සිට16% කින් ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර සෑම මාස 03කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.