තුර්කියේ කර්මාන්තශාලාවක පිපිරීමක්

තුර්කියේ අගනුවර වන අන්කාරා හි පිහිටි පුපුරන ද්‍රව්‍ය කම්හලක පිපිරීමක් සිදු වී තිබෙනවා.

ඩයනමයිට් ගබඩාව ආශ්‍රිතව යම් රසායනික අත්හදා බැලීමක් සිදු කරමින් පවතින අවස්ථාවේ දී මෙලෙස පිපිරීමක් සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුර සිදු වන අවස්ථාවේ දී එහි සිටි සේවකයින් 5දෙනාම මිය ගොස් ඇති බවයි එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ.