ඉන්දියාවේ සහ ලංකාවේ විදුලිබල ජාල ඒකබද්ධ කිරීමේ වැඩපිළිවෙලක්

2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබදීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහාය ලෝක බැංකුව මඟින් විදුලිබල මණ්ඩලයට ලබාදෙමින් පවතින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.