එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමි වී තිබෙනවා.

රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපතිවරයෙකු ලෙස තෝරා පත්කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර භාර ගැනීමට නියමිතය.