පොසොන් වෙනුවෙන් රටපුරා දන්සැල් 17200ක්

පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වීම සදහා දන්සැල් 17,180 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඵහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඒ අතරින් වැඩිම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාත සහ උතුරු මැද පළාත තුළ බවයි.