ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අද ජාතිය අමතමින් සිය ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවා.
එහිදී වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්රතිඵලය අද සියලු රට වැසියන් භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැග තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහලට ගෙන ඒමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර සිටිනවා.
පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කරගත් ජනාධිපතිවරයා මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව යි දන්වා සිටින්නේ.
ප්රධාන කුළුණු 4ක් ඔස්සේ රට ගොඩ නැගීමට සැලසුම් කරන බව කී ජනාධිපතිවරයා ඊළඟ වසර 25 ඇතුළත ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන ගමන ආරම්භ කරන බව ද පැවසුවා.

