2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන සලකා බැලීමේ දී එම විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනෙකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත් වී තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා සලකා බලා ඒවාට නිකුත් කළ ප්‍රතිඵල අනුව සිසුන් 867දෙනෙකුගේ ලකුණු මට්ටම් වෙනස් වූ බව යි විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20,334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4,823දෙනකු වශයෙන් සිසුන් 25,157දෙනකු ඉල්ලුම් කර තිබී ඇත.

