ජුනි 03 වනදා ට යෙදෙන පොසොන් පොහොය දිනයට සමගාමී වූ පොසොන් සතිය හෙටින් ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව හෙට සිට ජුනි 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කරන්නේ.
පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් මෙන්ම මස් මාංශ වෙළෙඳසැල් ද වසා තැබීමට තීරණය කර තිබෙනවා.
රජය දැඩි මුල්‍ය අපහසුතාවයකින් වුවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් එම කටයුතු සුදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

