පවතින ග්රාම නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මේ වසරේ ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීමේ යම් ප්රමාදයක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
මේ වනවිට 2023 ඡන්ද නාමලේඛන සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අදාල ලියාපදිංචි කිරීමේ කටයුතු ජූනි 16 වනදායින් අවසන් වීමට නියමිත ය.
එසේම ඡන්ද හිමියන් ලියාපදිංචියේ දී යම්කිසි ගැටලුවක් ඇති වුවහොත් ප්රාදේශීය ලේකම්වරයාට හෝ දිස්ත්රික් මැතිවරණ ලේකම් කාර්යාලය වෙත දැනුම්දෙන ලෙසයි මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

