අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) හෙට සිට ආරම්භ වීමට නියමිත ය.
විභාගය හෙට සිට ලබන ජුනි මස 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568කදී පැවැත්වීමට නියමිත අතර විභාගය සඳහා අපේක්ෂකයින් හාරලක්ෂ 72,553 දෙනෙකු පෙනීසිටීමට නියමිතය.
එමෙන් ම බන්ධනාගාර රැදවියන් 10 දෙනෙකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්වා. ඔවුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානය නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ.

