උතුරු දිග ඉන්දියාවේ භූ කම්පනයක්

උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයේ රික්ටර් මාපාංක 5.2ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම භූ කම්පනයේ බලපෑම අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලටත් දැනී ඇති බවයි.

එසේම භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.