අ.පො.ස සාමාන්‍ය පෙළ 2022(2023) විභාගයේ ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අදාළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබා නොදී රඳවා ගැනීම සිදු නොකළ යුතු බවය.
යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාර ගත යුතු බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

