ප්‍රංශය අභ්‍යන්තර ගුවන් ගමන් නවතයි

වායු දූෂණය අවම කිරීම සඳහා ප්‍රංශය විසින් රට අභ්‍යන්තරයේ සිදු වන ගුවන් ගමන් වාර කිහිපයක් නතර කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පැය 2 හමාරක කාලයකින් ගමන් කළ හැකි දුම්රිය පහසුකම් සහිත ප්‍රදේශවලට මෙලෙස අභ්‍යන්තර ගුවන් ගමන් සේවා අත්හිටුවා ඇති බවයි.

සාමාන්‍යයෙන් දුම්රියකින් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් 77 ගුණයක් ගුවන් යානයකින් පිට කරනු ලබන අතර එය පරිසරයට බොහෝ හානිදායක ද වනවා.