උතුරු දුම්රිය ධාවනය පෙර ලෙසම

ජූලි මස 15වන දින වන විට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා වූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවතත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මාර්ගයේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණි.