ලොව විශාලතම ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එමගින් එළඹුණු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

