තංගල්ල මූලික රෝහලේ සහ තිස්සමහාරාම මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයන්හි සති අන්තයේ විශේෂඥ සේවා සැපයීමට බාධා එල්ල වී තිබෙනවා.
ඒ රෝහල් දෙකේම එම ඒකක වල රාජකාරී සිදු කරනු ලබන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු බැගින් පමණක් වීම හේතුවෙනි.
එම වෛද්‍යවරු සතියේ දින පහම රාජකාරියට වාර්තා කිරීම හේතුවෙන් සති අන්ත රාජකාරීවල නිරත වීමට නොහැකි බව දැනුම් දී ඇති බවයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී කේ එන් ඩී පටබැදිගේ මහතා පවසන්නේ.

