මිලියන හතරකට අධික ජනතාවක් වෙසෙන කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයට මේ වන විට ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඇවිලෙමින් පවතින ලැව්ගිනි සියයකට අධික ප්‍රමාණයක් පැවතීමත් සමඟ ය. ඒ අතරින් බොහෝ ලැව්ගිනි ප්‍රමාණයක් පාලනයෙන් ගිලිහි ඇති බවයි වාර්තා වෙන්නේ.
හටගත් ලැව්ගිනි හේතුවෙන් දැනට අක්කර මිලියන 2 ක් පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
එය එම පළාතේ විශාලතම නගරය වන කැල්ගරි මෙන් 10 ගුණයක් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

