දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය මුල් කොට ගනිමින් රුසියාව අද ජයග්‍රහණයේ දිනය සමරනු ලබනවා.
ඊට සමගාමීව ඊයේ රාත්‍රියේ කියෙව් ඇතුළු යුක්රේනයේ නගර රැසකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්ධන ගබඩා, ආහාර ගබඩා ඉලක්ක කර ගෙන දියත් වූ එම ප්‍රහාරය, රුසියාව විසින් සිදුකළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාව ලෙසයි වාර්තා වෙන්නේ.

