ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් සජිත්

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

එසේම අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි එහිදී සාකච්ඡා කොට ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග එක්ව කටයුතු නොකළ යුතු බවටත්, එහි තනතුරු ලබා නොගත යුතු බවටත් එකඟත්වය පළ වී ඇති බවයි වාර්තා වෙන්නේ.