අද අලුයම 3.30 ට පමණ ඇෆ්ගනිස්තානයේ භූ චලනයක් හට ගෙන තිබෙනවා.
එරට ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ දෙසින් එම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රික්ටර් පරිමාණ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූ චලනය ඇෆ්ගිස්ථානයට මෙන්ම පාකිස්තානයට හා තජිකිස්තානයට ද දැනී තිබෙනවා.
කෙසේවෙතත් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

