වෙසක් බලන්න යන්න විශේෂ බස් හා දුම්රිය සේවා

දිවයිනේ සියලුම වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව විශේෂ වෙසක් බස් රථ සේවාවක් වෙසක් සතිය තුළ උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය දැනුම් දෙන්නේ.

එසේම වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.