සිපෙට්කෝ මෙන් ම IOC ඉන්ධන මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 333ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 365ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310ක් ද, ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 330ක්ද ලෙස මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
කෙසේවෙතත් ලංකා භූමිතෙල් මිල සහ ලංකා කාර්මික භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව යි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ.

