දවසේ කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (26) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

වැසි සමග තාවකාලිකව ඇති වන තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්ෂාවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ජනතාවට දැනුම් දෙයි.