කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද සවස කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ඒ මරදාන දුම්රිය ස්ථානයේ දී මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රිය පීලි පැනීම හේතුවෙනි.

දුම්රිය වේදිකා 07, 08, සහ 09 අවහිර වී තිබෙන නිසා ප්‍රමාදවීම් සහිතව දුම්රිය ධාවනය වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.