මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ආරම්භ කිරීමේ කටයුතු සඳහා Sinopec සමාගමේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
එම කණ්ඩායම හා විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව එළඹෙන මැයි මාසයේදී අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමට හා දින 45 ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟ වූ බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.

