රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය විද්‍යුත් ක්‍රමයට

2024 වර්ෂය වනවිට සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විද්‍යුත් ක්‍රමයට සිදු කිරීමට සැලසුම් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය නව තාක්ෂණය භාවිතා කරමින් විද්‍යුත් ක්‍රමවේදයට සිදුකිරීම සඳහා අවශ්‍ය ගිවිසුම්, යුරෝපා සංගමය සහ ලෝක බැංකුව සමඟ ලබන මැයි මාසයේ අත්සන් කිරීමට නියමිතව ඇත.