වෛද්‍යවරුන් 1,320 කට පත්වීම් ලැබෙයි

නවක වෛද්‍යවරුන් 1,320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කිරීමයිට පියවර ගෙන ඇත්තේ.

එම වෛද්‍යවරුන් වැඩි වශයෙන් දුෂ්කර ප්‍රදේශයන්හි රෝහල් කරා යොමු කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මේ වන විට මෙරට සිටින සමස්ත වෛද්‍යවරුන් ප්‍රමාණය 19,000 ක් පමණ වන අතර නව වෛද්‍යවරුන්ගේ පත්වීම් සමඟ එය 20,000 ඉක්මවනු ඇති.

මේ වන විට වාර්ෂිකව වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1,500 ත් 1,800 ත් අතර ප්‍රමාණයක් වන බවත්, එය 5,000 ක් දක්වා ඉහළ නැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවා.