ප්‍රතිව්‍යුහගත කිරීම යනු විකිණීම නොවේ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවයි.

රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම කර ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව ලබා දීමට එම ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ හැකියාව ලැබෙන බව ඔහු පවසනවා.

තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මේ හරහා නිර්මාණය වන තරගය තුළින් ඇති වන ලාභය ජනතාවට ලබා දීම රාජ්‍ය අයතන ප්‍රතිව්‍යුහත කිරීමේ එක් අරමුණක් බවයි.