අමෙරිකානු යුධ නෞකාවක් දකුණු චීන මුහුදට එයි.

අමෙරිකානු නාවික හමුදාවට අයත් මිසයිල නාශක නෞකාවක් එරට නාවික හමුදාව විසින් දකුණු චීන මුහුදේ දූපතක් ආසන්නයට යොමු කර තිබෙනවා.

ඒ එම මුහුදු කලාපයට ඇති අයිතිය කියා පෑම සඳහා චීනය විසින් සිය හමුදාවන් අදාළ කලාපය තුළ ස්ථානගත කර ඇති පසුබිමකය.

මුහුදු සම්මුතියට අනුකූලව නෞකාව නීත්‍යානුකූලව සාමාන්‍ය මෙහෙයුම් වල නිරත වන බව අමෙරිකාව ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් චීනය දන්වා සිටින්නේ දකුණු චීන මුහුදේ දූපත් සහ ඒ අවට ජලය සම්බන්ධයෙන් චීනයට සෑමවිටම අයිතියක් පවතින බවයි