ලමයි නැත්තම් ඒ වැරැද්ද කාන්තාවටමයි පටවන්නෙ – Yes Boss රෝෂිණි

මීට වසර ගණනාවක සිටම පුංචි තිරයෙන් දැක ගන්නට ලැබුණු අතිශයින්ම ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ.මේ දිනවල ද ඇය රංගන දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍යයක් නිසාවෙන් ජනප්‍රිය වෙලා සිටිනවා.

පසුගිය දවසක ඇය ගීත් යූ ටියුබ් නාලිකාව සමග එකතු වී මේ විදිහට අදහස් දක්වා සිටියා.

“අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ ළමයි නැති උනොත් ඒ වැරැද්ද ඒ දේවල් හැම එකක්ම කාන්තාවගේ පිටම දාන්න.සමහර විට ඒ ශක්තිය පිරිමි පුද්ගලයාට නැති වෙන්න පුළුවන්.මොකද ඒ ශක්තිය හීන වෙලා තියෙන්න පුළුවන්.

නමුත් හැමෝම උත්සාහ කරන්නේ ඒ දේ කාන්තාවගේ පිටම දාන්න.ඒක ඇත්තටම අපේ සිරි ලංකාවේ හැටියක්.ඒක ඇත්තටම ගොඩක් කැත දෙයක්.මොකද කසාද බැඳලා  ළමයි හදන එක ගැන තීරණය කරන සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඒ දමගේම.ඉතින් ඒ වගේ දේවල් නිසා අපේ කාන්තාවක් අවතක්සේරුවට පත් කරන එක ගොඩක් වැරදියි.”

ඇය මේ විදිහට තමයි ඇගේ  අවංක අදහස් දක්වා සිටියේ.