බැලැස්ටික් මිසයිල ද එක් කර ගත් රුසියානු යුධ අභ්‍යාසය

අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් ද එක් කර ගනිමින් රුසියාව මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා 3000 කට අධික රුසියානු හමුදා බල ඇණියක් එක්ව සිටින අතර යුද උපකරණ 300 කට අධික සංඛ්‍යාවක් භාවිත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජර්මනිය විසින් යුක්රේනය වෙත ලෙපර්ඩ් ටූ වර්ගයේ අතිනවීන යුද ටැංකි 18 ක් ලබා දුන් පසුබිමක රුසියාව මෙම යුධ අභ්‍යාස ආරම්භ කිරීම කැපී පෙනෙන කරුණක්.