මේ දිනවල නිරන්තර කතාබහට ලක්වන ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ. ඊට හේතුව වෙන්නේ ඇය එක් වරක් පිළිකා රෝගයට ගොදුරුව සිට යළිත් වතාවක් ඇය එම රෝගයට ගොදුරු වීමයි.ඒත් සමඟම ඇය ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් තමන්ට උපකාරයක් කිරීමට ඇරයුම් කර තිබුණා.
ඉතින් මේ සමගම ඇයට උපකාර ලබා දුන් පිරිස ගැන ඉතාමත් ආන්දෝලනාත්මක ආකාරයට කතා කරන්න පටන් ගත්තා. ඉතින් මේ ගැන ඇය යූටියුබ් සාකච්ඡාවක් සමඟ එකතු වී පවසා සිටියේ මේ ආකාරයටයි.
“එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වැඩ නිසා මම කැමැති නෑ හැමෝම විවේචනය කරන්න.මගේ මේ රෝගය නිසා trending වෙන්න හදන අය ඉන්නවා.ඒ වගේම මට ගොඩක් අය උපකාර කරන නිසා ඒ දේවල් දරාගන්න බැරි අය ඉන්නවා.ඒ දේවල් මම ගනන් ගන්නෙ නැහැ.
රෝගය ගැන දැනගත්තට පස්සේ ගොඩක් අය මට කතා කරන්න කෝල් කරන්න පටන් ගත්තා.දමිතාගේ නම්බර් එක මගේ ෆෝන් එකේ save කරලා තියෙන්නේ.එයා මට කෝල් ගොඩක් අරගෙන මිස් වෙලා තිබුණා.මට එයාට ගන්නත් බැරි උනා ඊට පස්සේ.ආයෙ පාරක් කෝල් එකක් ගත්තට පස්සේ තමයි දමිතා කිව්වේ අක්කේ ඔයාගේ බෙහෙත් ලිස්ට් එක එවන්න පොඩි මාර්ගයක් තියෙනවා ඔයාට උදව් කරන්න කියලා.ඊට පස්සේ මං ලිස්ට් එක යැව්වා.ඊටත් පස්සෙ තමයි මට sajith premadasa සර් කතා කළේ.”
ඇය මේ විදිහට තමයි අදහස් දක්වා සිටියේ.අපි ඇයට තුරුණුවන් ගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා.



